|
ශ්‍රී විජය නන්දනාරාමය
|
| එගොඩවත්ත , පිළියන්දල |
| මෙහි විහාර මන්දිරයේ සිවිලිමේ සහ බිත්ති මත සිතුවම් නිර්මාණය කර ඇත . එයට අමතරව විහාරයේ ඇතුළු කුටියෙහි ද්වාරය ද අභිනවයෙන් නිමවන ලදී . විහාරයේ පිටත බිත්තිය ඓතිහාසික සිදුවීම් අර්ධ උන්නත ලෙස කැටයම් කර අලංකාර කර ඇත . |
|
|
චේතියාරාමය
|
| බණ්ඩාරගම පාර , කිඳෙල්පිටිය |
| අලුත්වැඩියා කරන ලද විහාර මන්දිරය තුල බුද්ධ චරිතය දැක්වෙන බිතු සිතුවම් නිමවා ඇත . සිවිලිම දර්ශනීය වර්ණවත් මල් රටා වලින් සමන්විත වන අතර ඇතුළු කුටියෙහි ද්වාරය ද සිංහ රූප සමග අභිනවයෙන් නිමවන ලදී . |
|
| ||
සුවිශුද්ධාරාමය
| ||
වැල්ලවත්ත
|
මෙම විහාර මන්දිරයේ ඇතුළත බිත්ති ඓතිහාසික ලෙස වැදගත් සිදුවීම් දැක්වෙන සිතුවම් වලින් ද සිවිලිම මනස්කාන්ත මල් රටා වලින් ද සමන්විත වේ . ඊට අමතරව බුද්ධ චරිතයේ ඇතැම් සිද්ධි පූර්ණ උන්නත ලෙස කැටයම් කර ඇත .
|
|
|
|
සිරි නිකේතාරාමය
|
| නාම්පමුණුව , පිළියන්දල |
| විහාර මන්දිරයේ පිටත කුටියේ බිත්ති සහ සිවිලිම වර්ණවත් බිතු සිතුවම් වලින් සමලංකෘත වේ . එමෙන්ම පෞරාණික ඇතුළත කුටියේ ද්වාරය ද මකර තොරණක් අර්ධ උන්නත පරිදි කැටයම් කර සරසන ලදී. |
|
|
සුධර්මාලංකාර විහාරය
|
| මකුළුදූව , පිළියන්දල |
| මෙම විහාරස්ථානයේ බෝධි ඝරය වටා බැතිමතුන්ගේ පහසුව තකා පියස්සක් ඉදි කර ඇත . එම පියස්සේ සිවිලිම දිව්‍ය ලෝක සය හා වෙනත් වැදගත් සිදුවීම් දැක්වෙන සිතුවම් වලින් අලංකාර කර ඇත . |
|
|
ශ්‍රී ධම්මකිත්තිකාරාමය
|
| කොට්ටාව , පන්නිපිටිය |
| විහාර මන්දිරයේ බිත්ති සහ සිවිලිම දුඹුරු පැහැයට හුරු වර්ණ වලින් සමන්විත රටාවේ මනස්කාන්ත බිතු සිතුවම් වලින් සරසා ඇති අතර ඇතුළත කණු ද කලාත්මක ලෙස නිමවා ඇත . |
|
|
සත් බුදු මහා විහාරය
|
| පැලැන්වත්ත , පන්නිපිටිය |
| විහාර මන්දිරයේ පසුබිම් සිතුවම හා සිවිලිම් රටා නිර්මාණය කරන ලදී . එසේම දාගැබේ ගර්භය තුළ දිව්‍ය ලෝක සය ද ධාතු මන්දිරය තුළ ඓතිහාසික ශාසනික සිදුවීම් ද සිත්තම් කර ඇත . |
|
|
සද්ධර්මාරාමය
|
| කහපොල , පිළියන්දල |
| මෙම විහාර මන්දිරයේ සිවිලිම රටා වලින් ද, බිත්ති බුද්ධ චරිතය දීප්තිමත් වර්ණ වලින් සිතුවම් කිරීමෙන් ද, සරසා ඇත . කලාකරුවාණන් විසින් මෑත කාලයේ නිම කළ නිර්මාණයකි . |
|
|
ශ්‍රී ධර්මෙන්ද්‍රාරාමය
|
| ගල්කිස්ස |
| විහාර මන්දිරය තුළ නවීන රටාවේ ආභාෂය සහිත වර්ණවත් සිතුවම් නිර්මාණය කර ඇත . සරලත්වය මෙම චිත්‍ර වල වැදගත් ලක්ෂණයකි . මෙය මෑතකාලීන නිර්මාණයකි . |
|
|
ශ්‍රී ධම්මින්දාරාමය
|
| කොතලාවලපුර , රත්මලාන |
| විහාරස්ථානයේ දාගැබෙහි ගර්භය තුල වර්ණවත් සිතුවම් නිර්මාණය කර ඇත . මෙම සිත්තම් ඓතිහාසික සිදුවීම් සහ බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි නිරූපණය කරන පරිදි නිර්මාණය කරන ලදී . |
|
යූටියුබ් වාර්තා වැඩසටහන | සබඳතා |
සුමිත් අක්මීමන
|
94 777 762 041
|
94 777 762 041
|
94 777 762 041
|
sumith.artwork@gmail.com
|